• පිරිවෙන් අවසාන විභාගය

    පිරිචෙන් අවසාන විභාගය යනු රජයෙන් පවත්වනු ලබන විභාගයකි.මෙය පාසල් වල සාමාන්‍ය පෙළ විභාගය හා සමානවන අතර මුලික පිරිවෙනෙහි වසර 5 ක් ඉගැනීමෙන් අනතුරුව මෙම විභාගයට පෙනී සිටිය හැකිය. මෙහි ලබා ගන්නා ලකුණු අනුව උසස් පෙළ විභාගය සඳහා සිසුන් තේරී පත් වෙනු ලබයි. මුලික පිරිවෙන් හා මහ පිරිවෙන් වලින් මෙම විභාගය සඳහා සිසුන් ඉදිරිපත් කරනු ලබයි.

  • ප්‍රාචීන ප්‍රාරම්භය

    ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගය යනු පණ්ඩිත උපාධිය සම්පුර්ණ කිරීමට සිදු කළ යුතු පලවෙනි කඩයිම යි.වසරක අද්ධ්‍යයන කාලයක් ඇති මෙම විභාගය සඳහා සිංහල ,පාලි,සංස්කෘත යන විෂයන් ත්‍රිත්වය ඇතුලත් වන අතර විභාගයේදී එක් විෂයකින් ප්‍රශ්න පත්‍ර දෙකකටවිභාගාපෙක්ෂකයා මුහුණ දිය යුතුය. ඒ සාහිත්‍ය හා ව්‍යාකරණ වශයෙනි. මෙම විභාගය උසස්පෙළ විභාගය හා සමාන වේ.

  • ප්‍රාචීන මධ්‍යම

    ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය යනු පණ්ඩිත උපාධිය සම්පුර්ණ කිරීමට සිදු කළ යුතු දෙවැනි කඩයිම යි.වසර දෙකක (මෙය ඒ ඒ ආයතන අනුව වෙනස් විය හැකිය) අද්ධ්‍යයන කාලයක් ඇති මෙම විභාගය සඳහා සිංහල ,පාලි,සංස්කෘත යන විෂයන් ත්‍රිත්වය ඇතුලත් වන අතර විභාගයේදී එක් විෂයකින් ප්‍රශ්න පත්‍ර තුනකට විභාගාපෙක්ෂකයා මුහුණ දිය යුතුය. ඒ නිර්දිෂ්ට ග්‍රන්ථ ,ව්‍යාකරණ හා සාහිත්‍ය වශයෙනි. මෙම විභාගය විශ්වවිද්‍යාල පළමු හා දෙවන වසරට සමාන වේ.

  • ප්‍රාචීන අවසානය(පණ්ඩිත)

    ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය යනු පණ්ඩිත උපාධිය සම්පුර්ණ කිරීමට සිදු කළ යුතු තෙවැනි නොහොත් අවසන් කඩයිම යි.වසර දෙකක හෝ තුනක (මෙය ඒ ඒ ආයතන අනුව වෙනස් විය හැකිය) අද්ධ්‍යයන කාලයක් ඇති මෙම විභාගය සඳහා සිංහල ,පාලි,සංස්කෘත යන විෂයන් ත්‍රිත්වය ඇතුලත් වන අතර විභාගයේදී එක් විෂයකින් ප්‍රශ්න පත්‍ර හතරකට විභාගාපෙක්ෂකයා මුහුණ දිය යුතුය. සියල්ල කොටස් 12 කි. ඒ නිර්දිෂ්ට ග්‍රන්ථ ,ව්‍යාකරණ, සාහිත්‍ය වශයෙන් ද 'සිංහල සංස්කෘතිය,කලා හා සමාජය'(සිංහල 4 පත්‍රය),'ප්‍රකෘත භාෂා'(පාලි 4 පත්‍රය) හා තර්ක න්‍යාය (සංස්කෘත 4 පත්‍රය) . මෙම විභාගය ශාස්ත්‍රවේදී උපාධිය හා සමාන වේ.

  • This is Slide 5 Title - NewBloggerThemes.com

    This is slide 5 description. This Blogger Template is Designed By NewBloggerThemes.com. Go to Edit HTML and find this content. Replace it your own description. For More Blogger Templates, please visit NewBloggerThemes.com. If you need a premium blogger template or customize this template then contact me[...]

  • This is Slide 6 Title - NewBloggerThemes.com

    This is slide 6 description. This Blogger Template is Designed By NewBloggerThemes.com. Go to Edit HTML and find this content. Replace it your own description. For More Blogger Templates, please visit NewBloggerThemes.com. If you need a premium blogger template or customize this template then contact me[...]





ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් අතීතයේ බොහෝ පිළිගැනීමක් තිබුනද මෙරට ආක්‍රමණය කළ විදේශීය ජාතීන් නිසාවෙන් එකී අනර්ග අධාපන ක්‍රම වේදය අඩපන වී නොපිළිගැනීමට වත්මනෙහි ලක්ව ඇත. එහෙත් අද පවා පිරිවෙන් අධ්‍යාපනය ලබා ගත් අයෙකුගේ දැණුම හා අන් අයගේ දැණුම අතර සැබෑ වෙනසක් අපි දකිමු. හැදියාව හා මුසුවුන අධ්‍යාපන ක්‍රම වේදයක් ඇති පිරිවෙන තුලින් බිහි කරන්නේ හුදෙක් පඬි වරයෙක් නොව හැදියාවෙන් පරිපෝෂිත පඬිරුවනකි.

වර්තමානයේ මෙම අධ්‍යාපන ක්‍රම වේදයට ලැබී ඇති තත්වයන් අවබෝධ කර ගනිමින් ඒ සඳහා දිරියක් දීමේ අරමුණෙන් මේ blog අඩවිය ආරම්භ කළ වගයි.

Read more about PIRIVENA in English : http://en.wikipedia.org/wiki/Pirivena


බලන්ගොඩ උපසන්ත හිමි
පරිවෙණාචාර්ය (සිංහල)
සිරි වජිරඤාණ ධර්මායතන මුලික පිරිවෙන,
ප්‍රිම්රෝස් උයන, 
මහනුවර.

1 comment:

Text Widget

Unordered List